b1 b2 b3 b4 b9 b7 b7 sinhala visit our official website - english

History

ශ්‍රි නිග්‍රෝධාරාම විහාරයේ ආරම්භය...



බණ්ඩාරවෙල පුරවරයේ කිණිගම මහ උල්පත ග්‍රාමය කේන්ද්‍ර කොටගෙන පිහිටි ශ්‍රි නිග්‍රෝධාරාමය වූ කලී සුචරිතවාදී, සංයමශීලි සදාචාරාත්මක ජනතාවක් සුපෝෂණය කරන්නාවූ ජීවමාන දෙව්රම් වෙහෙරක් වැන්න.

අති පූජනීයත්වයෙන් දිදුලන නමක් රැන්ඳු මෙකී බෞද්ධ සිද්ධස්ථානය මෙම තත්වය ළඟා කරගනු ලැබූවේ පියවරින් පියවර දැඩි කැපවීමත්, සැබෑ ඕනෑකමත් පෙරටු කොට ගත් ශ්‍රද්ධා සම්පන්න භාවමය නිසාමය. කටුක වූ ගමනක් සහිත දුර අතීතයක් මේ සඳහා විය. එක් දහස් නවසිය මුල් ගණන්වල  කිණිගම මහ උල්පත අවට ග්‍රාමවාසීන්ට තම ආගමික පුද පුජා හා වත් පිළිවෙත් ඉටු කරගැනීම සඳහා පන්සලක් නොවූ අතර ඒ සඳහා හීල්ඔය විහාරස්ථානයම පිහිට කොට ගැනීමට සිදු විය.  මේ දුෂ්කර කාර්යය සිහි ණුවනින් වටහාගත් ගම් ප්‍රධානින් කිහිප දෙනෙකුගේ කතිකාවතකින් අනතුරුව උඩරට
අමරපුර නිකායේ මහා නායක විදුරපොළ රතනජෝති මහා නාහිමියන්ගේ පුරෝගාමීත්වයෙන් මෙම පුන්‍ය භූමිය මහ උල්පත දැවැන්ත නුග රුක කේනුද්‍රකොට ගෙන එක්දහස් නවසිය දෙකේ ජනවාරි දොලොස් වැනි දින (1902.01.12)නිර්මාණය විය.

එතැන් පටන් උඩරට අමරපුර නිකායේ ඌව වෙල්ලස්ස දෙදිසාවේ ප්‍රධාන සංඟනායක ධුරන්දර අති පූජ්‍ය කන්දේ ගෙදර සුමංගල මාහිමි දක්වා ශිෂ්‍යානු පරපුරක මහා උපාධ්‍යයන් වහන්සේලාගේ දායකත්වය හා කැපවීම මත නිවැරදි මාර්ගෝප දේශත්වයන් සහිතව අද පවත්නා උත්තරීතර අති පූජනීයත්වය අත්කර ගනු ලැබීය.