b1 b2 b3 b4 b9 b7 b7 sinhala visit our official website - english

Donate



මෙම විහාරස්ථානය අද වන විට ඈත ගම් දනව් ද නගර පුරාද ප්‍රසිද්ධියට පත්වී ඇත. ඒ නිසාම බොහෝ ජනතා සම්මානයට පාත්‍රවීම නිසා සිවු දෙසින් බොහෝ ජනී ජනයා චිත්ත සමාධිය උදෙසා නිරන්තරයෙන් මෙම විහාරස්ථානයේ සිසිලස, සොයා එති. එපමණක් නොව ප්‍රදේශයේ දුවා දරුවන්ගේ දහම් දැණුම මෙන්ම හැදියාව වැඩි දියුණු කරනු ලබන දහම් පාසලක් ද පවත්වාගෙන යනු ලබයි. එමෙන්ම සතර පෝයට ශිල සමාදාන වැඩ සටහන් ද බෝධි පූජා ද ගිලන් සේවා, ලේ දන් දීම, අක්ෂි සායන බඳු පුන්‍ය කටයුතු ද මේ විහාරස්ථානය කේන්ද්‍ර කොටගෙන නිරතුරුව සිදු කරනු ලැබේ.
විශාල ජනතා මෙහෙවරක් සඳහා කැපවී ඇති මෙම විහාර ස්ථානයේ භෞතික ඉඩ කඩ කිසිසේත් ප්‍රමාණවත් නොවේ. සිව් දෙසින් සැපැමිණෙන වන්දනා කරුවන්ට ඇවැසි නවාතැන් පහසුකම් ද ශිල භාවනා කටයුතු සඳහා පවතින ඉඩකඩ අල්පය. එමෙන්ම කැසිකිලි වැසිකිලි පහසුකම් ද ජල පහසුකම් ද ඉතා පහල මට්ටමක පවතින බැවින්, ඒ සියල්ල සපුරා ගැනීම වස් නුවණින් කල්පනාවට ගෙන සිව්මහල් ප්‍රාසාද සංකීර්ණය ඉදිකිරීමට යෝජිත විය. එය වඩාත් කාර්යක්ෂමව හා අඩු කාලයකින් නිම කර ගැනීමට ලොව පුරා විසිරී සිටින ශ්‍රද්ධා සම්පන්න, නිර්වාණ සමාධියට පෙළ ගැසෙන පින්වතුන්ගේ ආධාර උපකාර අත්‍යවශ්‍ය වී ඇත.
ශ්‍රි සම්බුද්ධත්ව ජයන්තියට පිළිවෙතින් පෙළ ගැසෙන ශ්‍රද්ධා සම්පන්න බුද්ධිමතුනි,.......
ශාන්ත වු අමා මහ නිර්වාණ සැපතට සමගාමීව තම චිත්ත සමාධිය පිණිසත් මහරු පින්කමට දායක වනු මැන.
ලෝභ,ද්වේෂ,මෝහ දුර් ගුණ දුරුකොට දාන ශීලී මෛත්‍රී ගුණ සුපෝෂණය කර ගැනීම වස් මේ මහා පුන්‍ය කටයුත්තට හැකි පමණ දායක වනු මැන.
මේ පුන්‍ය භූමියේ චිර ජීවනයට හිත ඇති පින්වත් ඔබට පහත සඳහන් ගිණුමට ඔබගේ දානමය පරිත්‍යාගය පුද කරන මෙන් ඉතා ගෞරව පූර්වකව ඉල්ලා සිටිමු. ඒ අත්පත් කර ගන්නා කුසල් බලයෙන්,
නිදුක් නීරෝගී සුව අත්වේවා !
සියළු යහපත් ප්‍රාර්ථනා ඉෂ්ඨ සිද්ධ වේවා !
ස්වර්ග මෝක්ෂ සැපත අත්වේවා !
ච්ත්ත සමාධිය ජනිත වේවා !

ස්තුතියි,

මෙයට සංවිධායක කමිටුව
ගිණුම් විස්තරය
කොමර්ෂල් බැංකුව- බණ්ඩාරවෙල ශාඛාව
ගිණුම් අංකය 1800023073
කන්දේ ගෙදර සුමංගල හිමි- (සිව් මහල් ගොඩනැගිල්ලට ආධාර පිණිස අරමුදල )


ඉදිකිරීම් කටයුතු සිදුවෙන අයුරැ